Samba

May 1, 2018 | Author: Anonymous | Category: Documents
Report this link


Description

හරි, දැං වැඩට බහිමු. සාමාන්ය ස්තාපනයකට පසු server එකකට වුවද ලැබෙන්නෙ router එකෙන් දෙන වෙනස් වන ip address එකක්. server වැඩ වලට මේක හරියන්නෙ නැත. එමනිසා ඉස්සෙල්ලාම server එකට ස්තීර ip address එකක් (static IP/Fixed IP) එකක් යෙදිය යුතුවේ. හන්තාන ලිනක්ස් (සහ අනෙකුත් GUI ඇති අලුත් ලිනක්ස් වර්ග) NetworkManager නැමති මෘදුකාන්ගයෙන් පරිගනකයේ ජාල සම්බන්දතාව පාලනය කරනවා. මෙය server සඳහා ගැටලුවක්. හේතුව NetworkManager වැඩ කරන්නෙ ඒ මොහොතේ වැඩ කරන userට වීම. එම නිසා පලමුව තිබෙන ජාල සම්බන්ඳතාව මෙම NetworkManager වලින් ඉවත් කලයුතු‌ වෙනවා. හන්තාන ලිනක්ස් ස්තාපනය කර ගත්ත පරිගනකයට user කෙනෙක් ලෙස ඇතුල් වන්න. දැන් desktop එකේ right click කර, ලැබෙන මෙනුවෙන් Open in Terminal තෝරාගන්න : දැන් පරිගනකයේ ඇති network interfaces මොනවා දැයි දැන ගැනීමට මෙම විදානය දෙන්න : හොඳින් මතක තබාගන්න: ලිනක්ස්හිදී windows වල මෙන් නොව capital letters, simple letters ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය! දී ඇති විදාන දී ඇති ආකාරයෙන්ම යෙදීමට වග බලාගන්න. එසේ නොකොට කරගන්නා හානි වලට කිසිම වගකීමක් මම බාරගන්නෙ නැත! Code: ifconfig මෙය windows හි එන ipconfig විදානයට තරමක් සමානයි. එවිට මෙවැනි ප්රතිඵලයක් දැකිය හැක : මේහි වම් පසෙන් පෙන්වන්නෙ ඇති network interfaces වේ. දකුණු පසින් ඇත්තේ ඒවා පිලිබඳ විස්තරයි. ඉහත රූපයේ එන lo, p2p1, p7p1 යනු ඇති network interfacesය. මින් lo යනු loop back නැමති විශේෂිත network interface එකකි. Windows වල මෙය සාමාන්යයෙන් එන්නෙ නැත. අචශ්යනම් add/remove devices මගින් මෙය අලුත් දෘඩකාංගයක් මෙන් ස්තාපනය කලගත යුතු වේ. නමුත් ලිනක්සි හිදී මෙය නිතැතින්ම ලැබේ. අපේ වැඩට අවශ්ය වන්නේ මේ loop back interface එක නොව ඉන් පසුව සටහන්ව ඇති අනිත් interfaces වේ. ඉහත රූපයෙ පරිදි, එම පරිගනකයේ p2p1,p7p1 ලෙස network interfaces 2ක් සතුයි. මෙතනදි යමක් පැවසිය යුතුයි. ඉහත රූපයෙ p2p1, p7p1 ලෙද මෙම network interfaces පෙන්නුම් කලත් මෙය ඔබගේ‌ පරිගනකයේ වෙනස් ආකාරයකට පෙන්නුම් කල හැක.  උදා :  em0, em1 මෙලෙස විවිද නාම වලින් මෙය පෙන්නුම් කරන්නෙ මොකද? විශේෂයින්ම ubuntu බාවිතා කරන හෝ centos 5 බාවිතා කරන අය බලනවා ඇති මේ මොකද මේ සාමාන්යෙන් eth0, eth1,eth2.. ලෙස එන ඒවා මේකෙ අමුතු ආකාරයකට තියෙන්නෙ කියලා. මේකට හේතුව redhat linux 6/fedora 15 සිට මේම නාමකරනය ඔවුන් වෙනස් කර තිබීමයි. දැන් මේවාට යෙදෙන්නෙ CMOS හිදී network interface එක අඳුරගන්නා ආකාරය අනුව යෙදෙන නම්ය. මෙය centos 6හිද දැකිය හැක. මෙනිසා මෙතැන් සිට මෙම ලිපි වල දී ඇති විදාන වල p2p1, p7p1 වෙනුවට ඔබගේ පරිගනකයේ ඇති නම් බාවිතා කරන්න. මෙතැන් සිට අපට root ලෙස වැඩ කල යුතු වේ (root යනු ලිනක්ස් හි සර්වබලදාරියාය. windows වල administrator වැනිය). මෙලෙද විදානය දෙන්න : Code: su root එවිට rootගෙ මුරපදය ඉල්ලයි. එය සපයන්න. මතක තබාගන්න මෙහිදී මුරපදයට * හෝ වෙනත් කිසිම සංකේතයක් නිරූපනය කරන්නෙ නැත. නමුත් root ලෙස මාරු උන බව පෙන්වන්නෙ විදාන සපයන prompt එකිනි. සාමාන්ය user කෙනෙකුට ලැබෙන prompt එක $ ලෙස පෙන්නුම් කෙරේ (ඉහත රූපය නැවත බලන්න). නමුත් root ලෙස සිටියදී prompt එක # බවට පරිවර්තනය වේ. මීට අමතරව නිත්ය වශයෙන්ම කුමන user ලෙස සිටීදැයි දැන ගැනීමට මෙමෙ විදානය දෙන්න : Code: whoami සාමාන්ය user කෙනෙක් ලෙස සිටියදී : root ලෙස සිටියදී : දැන් මෙම පරිගනකයේ ස්තාවර ip දියයුත්තේ p2p1 නැමති network interface එකටය. එම නිසා root ලෙස පහත විදානය සපයන්න. Code: nano /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 nano යනු කුඩා බාවිතයට ඉතාමත් පහසු text editor එකකි. windows වල එන DOS editor එක වැනියි. /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 යනු p2p1 network interface එකට අදාල වන ගොනුවයි. මෙලෙස එය දිස්වනු ඇත : මෙහි ඇති NM_CONTROLLED=yes යන පේලියෙන් කියවෙන්නෙ මෙම interface එක NetworkManager මගින් පාලනය කරන බවය. මෙය අපි Code: NM_CONTROLLED="no" ලෙස වෙනස් කල යුතුය. මෙහි එන BOOTPROTO=dhcp යන පේලියෙන් කියවෙන්නෙ dhcp මගින් ip address එකක් ලබාගන්න යන්නයි. windows වල obtain ip automatically ලෙස සඳහන් කරන්නෙත් මේ විදානයමයි. මේය අපි Code: BOOTPROTO="none" ලෙස වෙනස් කල යුතුය. මෙහි එන ONBOOT=no යන පේලියෙන් අදහස් වන්නෙ පරිගනකය ක්රියාත්මකවීම ආරම්භයේදිම (boot time) මෙම interface එක ක්රියාත්මක නොවිය යුතු බවටයි. මෙයද අපි Code: ONBOOT="yes" ලෙස චෙනස් කලයුතුයි. මීට අමතරව ONBOOT="yes" පේලියට යටින් නව පේලි කීපයක් අලුතෙන් දැමිය යුතුයි. එනම් මෙම පරිගනකයට දෙන ස්තාවර ip address එකයි. උපකල්පනයේ පරිදි, router එකේ ip එක 192.168.10.1 වේ. එම නිසා එම ip එක අපට බාවිතා කල නොහැක. ඊට අමතරව, router එකෙන් dhcp මාර්ගයෙන් දෙන්නෙ 192.168.10.10 සිට ඉහල ip address වේ. එමනිසා ඒවාද අපට බාවිතා කල නොහැක. 192.168.10.2 - 192.168.10.9 අතර ip එකක් අපට බාවිතා කල හැක. මෙම ලිපි සඳහා server එකට 192.168.10.2 බාවිතා කරමි. ඒ සඳහා මෙලෙස පේලි යොදන්න : Code: IPADDR="192.168.10.2" NETMASK="255.255.255.0" GATEWAY="192.168.10.1" GATEWAY ලෙස දෙන්නෙ router එකේ ip address එකයි. දැන් සම්පූරන ගොනුව මෙලෙස දිස් විය යුතුය: [IMG]http://img100.imageshack.us/img100/850/snapshot008l.jpg[/IMඝ] සිදු කල වෙනස්කම් සියල්ල රැකගෙන ගොනුව වසා දැමීමට CTRL+x ඔබන්න. එනම් යතුරු පුවරුවේ ඇති CTRL බොත්තමති x අකුරත් එකවර ඔබන්න. එවිට nano වලින් අසයි ගොනුවට කල වෙනස්කම් රැකගන්නද ලෙස. එවිට y අකුර ඔබා එය සනාත කරන්න. එවිට අසයි /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 ගොනුවටම සිදු කල වෙනස්කම් යොදන්නද ලෙස. එවිට enter යතුර ඔබා එය සනාත කරන්න. මෙලෙස : දැන් ඔබ නැවතත් root prompt එකටම පැමින ඇත. දැන් මෙලෙස යෙදූ ip address එක සක්රීය කල යුතුයි. මේ සදගා පහත විදාන ලබා දෙන්න : Code: chkconfig network on service network restart ප්රතිඵල මෙසේ දැකිය හැක: දැන් මෙම ip address එක සක්රීයද නැද්ද බැලීමට නැචතත් ifconfig විදානය දෙන්න. එවිට මෙලෙස පෙනෙනු ඇත : දැන් මෙම පරිගනකයට අන්තර්ජාල පහසුකම නිසි ලෙස ක්රියාත්මක වීමට DNS address දිය යුතු වේ. මෙය dhcp බාවිතයේදී router එකෙන්ම ලබාගැනනමුත් දැන් dhcp බාවිතා වන්නේ නැති බැවින් මෙයද අප විසින්ම දිය යුතු වේ. බහුලව බාවිතයට ගැනෙන google DNS මෙයට යොදමු. මේ සඳහා වෙනස් කලයුතු ගොනුව වන්නේ /etc/resolv.conf ය. මෙයද nano බාවිතයෙන් වෙනස්කල හැකි වුවත් ඊට වඩා කෙටි ක්රමයකින් මෙය කරමු. මෙසේ විදානය දෙන්න : ඉතාම වැදගත් : මේම විදාන ඉතා පරිස්සමින්, දී ඇති අයුරින්ම, කිසිදු ඉස්පි්ල්ලක්, පාපිල්ලක් වෙනස් නොකොට එලෙසම දෙන්න!!! Code: echo "nameserver 8.8.8.8" > /etc/resolv.conf echo "nameserver 8.8.4.4" >> /etc/resolv.conf දැන් ප්රතිඵල බැලීමට මෙම විදානය දෙන්න : Code: cat /etc/resolv.conf එවිට මෙලෙස එම ගොනුවෙහි ඇති දෑ දිස්වේ : දැන් සිදුකල යුතු අවසාන දෙය නම් NetworkManager මෘදුකාංගය අක්රීය කිරීමයි. මේ සඳහා පහත විදාන දෙන්න : Code: chkconfig NetworkManager off service NetworkManager stop ප්රතිඵල මෙසේය : දැන් ස්තීර ip address යෙදුම අවසන්. ස්තීර IP එකක් යොදාගත් පසු තවත් කලයුතු දෙයක් වන්නෙ samba service එක සක්රීය කර ගැනීම සහ firewall එකේ samba සඳහා අවශ්යය ports විවෘත්ත කර ගැනීමයි. samba service එක සක්රීය කර ගැනීමට terminal එකක් විවෘත කර root ලෙසට මාරු වෙන්න. දැන් මෙම විදානය දෙන්න : Code: chkconfig smb on ප්රතිඵල මෙලෙස වනු ඇත : තව දුරටත්: Code: chkconfig nmb on samba server එක සඳහා පහත දැක්වෙන TCP සහ UDP Ports බාවිතා වේ. netbios-ns 137/tcp # NETBIOS Name Service netbios-ns 137/udp netbios-dgm 138/tcp # NETBIOS Datagram Service netbios-dgm 138/udp netbios-ssn 139/tcp # NETBIOS session service netbios-ssn 139/udp microsoft-ds 445/tcp firewall එකෙ පාලනයට වෙනම මෘදුකාංගයක් ඇත. මෙය GUI මගින් හෝ terminal මගින් බාවිතා කල හැක. GUI මගින් කිරීමට නම් : Gnome Menu -> Other -> Firewall දැන් මෙයට root මුර පදය දෙන්න දැන් firewall configuration එක මෙසේ දිස්වේ: මෙහි වම්පස ඇති තීරුවෙන් Trusted Services තෝරාගෙන දකුනුපස ඇති තීරුවෙන් Samba සහ Samba Client යන සෙවාවන් දෙක දිස්වෙන තුරු පහලට scroll කරන්න: දැන් මෙම සේවා දෙක තෝරාගෙන උඩ ඇති Apply බොත්තම නද කරන්න: එවිට මෙම විදානය සනාත කරන්න අසනු ඇත. Yes බොත්තම ඔබා සනාත කරන්න: දැන් නැවතත් root මුර පදය අසනු ඇත. එය සපයූ පසු firewall එකෙන් samba server වලට අවශ්ය ports විවෘතවේ. මෙය Terminalතුලින් කරන්නෙ මෙසේය. root ලෙස මෙම විදානය දෙන්න: Code: system-config-firewall-tui එය මෙසේ‌ දිස්වේ : මෙහිදී අවශ්ය බොත්තම් තේරීමට TAB යතුර බාවිතා කරන්න. බොත්තම එබීමට space bar එක බාවිතා කරන්න. දැන් CUSTOMIZE බොත්තම මෙලෙස තෝරා ඔබන්න. එවිට TRUSTED SERVICES වලට යොමුවේ : මෙහිදී down arrow යතුර බාවිතා කර නැවතත් Samba සහ Samba Client යන services දිස්වෙන තෙක් පහලට scroll කරන්න : Samba සහ Samba Client යන services තෝරාගන්න. තේරීම සඳහා space bar යතුර බාවිතා කරන්න. ඉන් පසු tab යතුර බාවිතයෙන් Close බොත්තම තෝරාගන්න: නැවතත් space bar යතුර බාවිතයෙන් එය ඔබන්න. එවිත නැවතත් firewall configuration තිරය දිස්වෙනු ඇත. මෙතනදී OK යතුර පෙර සේම තෝරා ඔබන්න. එවිට විදානය සනාත කරීමට අසනු ඇත: Yes බොත්තම ඔබා එය සනාත කරන්න. firewall එකෙන් samba server එකට අවශ්ය ports දැන් විවෘත්තවේ. මෙලෙස සක්රීය කලගත් samba server එක domain controller එකක් බවට පත් කර ගමු. Samba server යනු microsoft විසින් හඳුන්වාදුන් lanmanager නම් මෘදුකාංගය සමග ආ SMB protocol එකත් සමග වැඩ කල හැකි මෘදුකාංගයකි. මෙහි මූලික පරමාර්තය වුනේ windows පරිගනක සමග මෙම SMB මාර්ගයෙන් දත්ත, ලිපි ගොනු හුවමාරු කරගැනීමයි. microsoft විසින් SMB protocol එකට ඔවුන් කල වෙනස් කරීම් කිසිවක් ප්රකාශ නොකල නිසා 1991-2 කාලයේ ඕස්ට්රේලියානු ජාතික ඇන්ඩ්රු ට්රිජෙල් (Andrew Tridgell) මෙම smb protocol එක වැඩ කරන ආකාර අද්යයනය කොට මෙම samba server එක නිර්මානය කලේය. මෙය වැඩි දියුනු කල ඔහු‌ 1996 වන විට samba community (සමබා ප්රජාවක්) ලෙස මෙය සමූහයකට ගෙන ආවේය. එතැන් සිට ප්රජාවක් ලෙස samba server එක වැඩි දියුනු වෙමින් අදටත් පවතී. Samba server හි domain controller පැත්ත ගතහොත්, එය Windows NT 5 Primary Domain controller එකක් ලෙසත් Backup Domain controller එකක් ලෙසත් පූර්නව ක්රීයා කලහැක. මීට අමතරව Windows 2000+ Active Directory member server එකක් ලෙස පමනක් ක්රීයා කල හැක. Active Directory අංශයෙන් ඉදිරියට යෑමට ඇති ප්රදාන ගැටලුව වී ඇත්තෙ Microsoft සමාගම Active Directoryහි ක්රියාකාරිත්වය පිලිබඳ කිසිවක් ප්රකාශයට පත් නොකිරීමයි. මීට අමතරව file shares මගින් ලිපි ගොනු බෙදා ගැනීම, printer shares මගින් printers බෙදා ගැනීම windows වල සිදුවෙන ලෙසටම කලහැක. එම නිසා samba server මාර්ගයෙන් ලිනක්ස් පරිගනකයකට අමුනා ඇති printer එකක් හෝ එහි ඇති ලිපු ගොනු windows පරිගනක වලින් බාවිතයට ගත හැක. එමෙන්ම windows පරිගනකහි ඇති printers, ලිපි ගොනු ලිනකස් පරිගනකයෙන්ද බාවිතයට ගතහැක. මෙම ලිපි වලින් අප කරන්නෙ Primary Domain Controller එකක් samba මාර්ගයෙන් ඇති කිරීමයි. Samba server හි පරිපාලන ගොනුව /etc/samba වල අතර එහි ක්රියාකාරිත්වය සටහන් වය ලිපිය /etc/samba/smb.conf නම්වේ. /etc/samba/smb.conf යනු ඉතා සවිස්තරාත්මක විශාල text file එකකි. සාමාන්යයෙන් සිදු කෙරෙන්නෙ මෙහි කොපියක් ගෙන එම කොපිය අපට අවශ්ය පරිදි වෙනස් කොට බාවිතයට ගැනීමයි. මෙමගින් අපට ඕනැම වෙලාවක බාවිතා කරිමට අවශ්ය උපදෙස් හො කලින් තිබූ තත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබේ. smb.conf හි විදාන 300කට වඩා අඩංගු වන අතර මේ සියල්ල ගැනම‌ විසතරත් ඇතුලත් වේ. එම නිසා මේ ලිපි ගොනුවෙම කොපියක් ගැනීම තේරුමක් නැත. අවශ්ය වන විදාන සියල්ල මම මෙම ලිපියෙහි දෙමි. එමගින් අලුත් smb.conf එකක් සෑදීම වඩාත් පහසුවේ. දැන් /etc/samba/smb.conf හි නම වෙනස් කොට එක backup ලෙස තබාගමු. Terminal එකක් ගෙන root ලෙස මෙම විදානය දෙන්න : Code: mv /etc/samba/smb.conf /etc/samba/smb.conf.backup smb.conf සාදාගැනීමට පහසු ක්රමයක් තමයි SWAT නොහොත් Samba Web Administration Tool මෘදුකාංගය බාවිතා කිරීම. මෙය මගින් samba server එක අපට web browser එකෙන් පාලනය කලහැක. මෙය ස්තාපනය කර ගැනීමට අන්තර්ජාල පහසුකම අවශ්ය වේ. ස්තාපනය කිරීමට මෙම විදානය දෙන්න: Code: yum install samba-swat ප්රතිඵල මෙලෙසය: swat මෘදුකාංගයට අවශ්ය වන අනෙකුත් මෘදුකාංගද බාගතයුතු බැවින් ඒ සියල්ල පිලිබඳ විස්තර දී, බාගතයුතු ගොනු වල ප්රමානයද දී මෙම ක්රියාව සනාත කරනන්ට අසයි. Y යතුර ඔබා එය සනාත කරන්න. දැන් එම මෘදුකාංග බාගත වී ස්තාපනය වීම සිදුවේ. මෙය පියවරෙන් පියවර සිදුවන අතර එය ඔබට තිරයෙහි බලාගත හැක. අවසානයේ‌ මෙසේ දිස්වේ : දැන් මෙය සක්රීය කලයුතුව ඇත. පහත විදානය දෙන්න: Code: nano /etc/xinetd.d/swat එවිට එම ගොනුව nano editor එක තුල මෙසේ දිස්වේ : මෙහි ඇති disable = yes යන පේලිය පමනක් මෙසේ වෙනස් කරන්න : Code: disable = no එවිට‌ මෙලෙස තිබිය යුතුය : දැන් මෙම ගොනුව යාවත්කාලීන කර වසාදමන්න (CTRL+X බාවිතයෙන්) දැන් මෙම විදාන දෙන්න: Code: chkconfig xinetd on service xinetd start ප්රතිඵල මෙසේය : දැන් server එකෙ firefox browser එක ගෙන (gnome menu -> Internet -> Firefox ) මෙම වෙබ අඩවියට යන්න: Code: http://localhost:901 මේ SWAT මෘදුකාංගයයි. මෙයට username ලෙස root සහ password ලෙස rootහි මුරපදයත් දෙන්න. එවිට මෙසේය : මෙහි‌ ඇති WIZARD බොත්තම ඔබන්න. අලුත් පිටුවෙහි ඇති options මෙලෙස තෝරා ගන්න : Server Type : Domain Controller Configure Wins As : Server for Client Use Expose Home Directories : No දැන් COMMIT බොත්තම තද කරන්න. දැන් GLOBALS බොත්තම ඔබා Global Settings පහත පරිදි ඇතුලත් කරන්න : පහත සඳහන් කර නැති settings බොහොමයක් ඇත. ඒවා ඒ ඇති සැටියෙන්ම තබන්න. පහත දී ඇත්තෙ වෙනස් කිරීමට අවශ්ය settings පමනි. Code: Change View To : Advanced බොත්තම ඔබන්න. WORKGROUP : EKDOMAIN (මෙය අප සදන domain එකේ නමයි. කැමති එකක් දාගන්න). NETBIOS NAME : SERVER (මෙය මෙම server එකෙ නමයි. windows network එකෙ දිස්වන්නේ මෙම නමිනි. කැමත්තක් යොදාගන්න) SERVER STRING : EKDOMAIN CONTROLLER (මෙය description එකක් පමනි. කැමැත්තක් යොදා ගන්න) PASSWD PROGRAM : /usr/bin/passwd %u PASSWD CHAT DEBUG : YES USERNAME MAP : /etc/samba/smbusers UNIX PASSWORD SYNC : YES LOG LEVEL : 3 PROFILE ACLS : YES ADD USER SCRIPT : /usr/sbin/useradd -m '%u' -g sambausers -G sambausers DELETE USER SCRIPT : /usr/sbin/userdel -r '%u' ADD GROUP SCRIPT : /usr/sbin/groupadd '%g' DELETE GROUP SCRIPT : /usr/sbin/groupdel '%g' ADD USER TO GROUP SCRIPT : /usr/sbin/usernod -G '%g' '%u' ADD MACHINE SCRIPT : /usr/sbin/useradd -s /bin/false/ -d /var/lib/nobody '%u' LOGON SCRIPT : scripts/logon.bat LOGON PATH : \\%N\profiles\%U LOGON DRIVE : H: (මේ සඳහා windows පරිගනක වල දැනට බාවිතා නොවන drive එකකක නමක් යොදාගන්න) OS LEVEL : 200 PREFERRED MASTER : YES LOCAL MASTER : YES DOMAIN MASTER : YES IDMAP UID : 15000-20000 IDMAP GID : 15000-20000 TEMPLATE SHELL : /bin/bash දැන් COMMIT CHANGES බොත්තම ඔබන්න. මෙලෙස දිස් වනු ඇත: දැන් SHARES බොත්තම ඔබන්න. පෙර සේම Change view to : Advanced බොත්තම ඔබන්න. මෙලෙස දිස් වෙනු ඇත: දැන් CREATE SHARE බොත්තම ඉදිරියේ‌ ඇති කොටුවෙහි : Code: netlogon ලෙස ටයිප් කර CREATE SHARE බොත්තම ඔබන්න. එවිට මෙම share එකට අදාල වන settings ඊට යටින් දිස්වෙනු ඇත : පෙර Globalsහි පරිදි මේ සඳහාද පහත පරිදි settings යොදන්න. නැවතත්, පහත දී ඇත්තේ වෙනස් කල යුතු settings පමණි. Code: COMMENT : Network Logon Service PATH : /home/samba/netlogon VALID USERS : %U ADMIN USERS : administrator READ ONLY : yes GUEST OK :yes SHARE MODES : no BROWSEABLE : no AVAILABLE : yes දැන් COMMIT CHANGES බොත්තම ඔබන්න. එවිට මෙලෙස දිස්වේ : දැන් පෙර netlogon share එක සෑදූ ලෙසම තවත් share එකක් සාදමු. create share ඉදිරි පස ඇති කොටුවේ profiles ලෙස සටහන් කර create share බොත්තම ඔබන්න. දැන් එයට මෙම settings යොදන්න: Code: COMMENT : User profiles PATH : /home/samba/profiles VALID USERS : %U READ ONLY : no CREATE MASK : 0600 SECURITY MASK : 0600 DIRECTORY MASK : 0770 DIRECTORY SECURITY MASK : 0770 BROWSEABLE : no AVAILABLE : yes COMMIT CHANGES බොත්තම ඔබන්න. මෙපරිදි දිස්වේ : domain controller සඳහා පමනක් අචශ්ය samba server settings ඔපමනයි. Browser එක වසා දමා නැවතත් terminal එකට යොමු වන්න. ඉහත settings තුල /home/samba/profiles සහ /home/samba/netlogon ලෙස ගොනු දෙකක් සඳහන් උනා. මේ ගොනු අප ඇති කලයුතුය. ඊට අමතරව ඒ ගොනු sambausers නැමති තවම පිහිටවා නැති සමූහයට (group) අයත් වියයුතුය. දැන් මෙම සමූහය සහ ගොනු ඇති කර ඒවායේ අයිතියන් නිසි පරිදි දෙමු. root ලෙස terminal එකේ පහත විදාන දෙන්න: Code: mkdir -p /home/samba/netlogon mkdir /home/samba/profiles chmod 777 /var/spool/samba groupadd sambausers chown -R root:sambausers /home/samba chmod 777 /home/samba chmod 755 /home/samba/netlogon chmod 770 /home/samba/profiles මෙම විදාන නිසි පරිදි දුන්නා නම් කිසිම ප්රතිඵලයක් (command output) තිරයේ දිස් නොවේ. කිසියම් වරදක් සිදුවුනොත් පමනක් ප්රතිඵලයක් තිරයේ දිස්වේ. ඉහත chmod, chown විදාන ඔබ FTP තුල බාවිතා කරන විදානම වේ. groupadd යනු සමූහයක් ඇති කරන විදානය වේ. mkdir යනු ගොනු නිර්මානය කරන විදානයයි. windows වල command prompt එකේ දෙන විදානයට සමානයි. දැන් core system ගොනුවක් වෙනස් කල යුතුව ඇත. එම නිසා පරිස්සම් වන්න.පහත විදානය දෙන්න : Code: nano /etc/nsswitch.conf මෙහි Code: hosts: files mdns4_minimal [NOTFOUND=return] dns myhostname යන පේලියට යන්න. එම කොටස මෙලෙස වේ : ඉහත පේලිය මෙලෙස වෙනස් කරන්න : Code: hosts: files wins mdns4_minimal [NOTFOUND=return] dns myhostname දැන් එම කොටස මෙලෙස තිබිය යුතුය : CTRL+x බාවිතා කර ගොනුව යාවත්කාලීන කර වසාදමන්න. දැන් root යනු samba server හි administrator ලෙස දැනුම් දිය යුතුයි. මේ සඳහා පහත විදානය දෙන්න. Code: smbpasswd -a root root හි මුරපදය ඉල්ලනු ඇත. එය දෙවරක් ලබා දෙන්න. දැන් windows domain එකට අදාල සමූහයන් හදා ඒවාට අනුරූප linux සමූහයන්ට බද්ද කරමු. root ලෙස terminal එකෙ මෙම විදාන දෙන්න : Code: net groupmap add ntgroup="Domain Admins" unixgroup="root" type=domain -U root net groupmap add ntgroup="Domain Users" unixgroup="users" type=domain -U root net groupmap add ntgroup="Domain Guests" unixgroup="nobody" type=domain -U root මෙම විදාන ක්රියාත්මක කල විට මෙලෙස දිස්වේ : දැන් selinux ක්රීයා විරහිත කල යුතුය. මේ සඳහා පහත විදානය දෙන්න: Code: nano /etc/selinux/config මෙහි ඇති SELINUX=enforcing යන පේලිය මෙලෙස වෙනස් කරන්න: Code: SELINUX=disabled වෙනස් කල විට මෙලෙස තිබිය යුතුය : CTRL+x බාවිතා කර ගොනුව යාවත්කාලීන කර වසාදමන්න. දැන් පරිගනකය reboot කලයුතුය. Domain controller ලෙස දැන් මෙම ලිනක්ස් පරිගනකය ක්රියා කරයි. මෙම ඩොමේනයට පරිගනක හා users ඇතුලත් කරන අයුරූ මිලච පෝස්ට් එකෙන් බලමු.


Comments

Copyright © 2025 UPDOCS Inc.